December 9, 2015

ලන්කාවේ ප්‍රථම සිංහල social network එක - (නිම්නය.com)

ඔන්න අපි මෙච්චර කල් බලාගෙන හිටපු විදියෙ සිංහල social network එකක් පටන් අරං තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම සිංහල සමාජ ජාලය වන නිම්නය.com
මේක ද්විත්ව භාෂා අඩවියක් ලෙසයි හදලා තියෙන්නෙ. සිංහල වගේම ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මෙය භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඉතා සාර්ථකව දියුණු උනු මෙම ශ්‍රී ලාංකික සමාජ ජාලයට සිංහල එකතු කලේ මේ ලඟදි. ඉතිං තාම ටික ටික සිංහ‍ල භාෂාවෙනුත් සාර්ථකත්වය කරා යමිනුයි තියෙන්නෙ. ඉදිරියෙදි ත්‍රෛ භාෂා අඩවියක් ලෙස දෙමළ භාෂාවත් එකතු වෙන්න නියමිතයි.2007 වර්ෂයේ යොවුන් පරිගණක විද්‍යාඥයා සඳහා රන් පදක්කම දිනා ගත්තු අපේ චමීර සොයුරා තමයි මේ වැඩේට මුලපුරලා තියෙන්නෙ. සිංහලෙන් පරිගණකකරණයේ යෙදෙන අපි හැමෝනටම ඔන්න දැන් නිම්නයට එකතු වෙලා අපේ සිංහල භාෂාව මේ පරිගණක ක්‍ෂේත්‍රය තුල දියුණු තියුණු කරන්න දායක වෙන්න පුළුවන්. පරිගණකය තුල සිංහල තවම හුරු නැති, ඔය facebook එකේ වරු ගණන් නාස්ති කරන අපේ කොල්ලො කෙල්ලන්වත් මේ සිංහල පරිගණක ජාලයට ‍යොමු කරවලා අපේ සිංහලයට පරිගණකය තුල ඔවුන්ව හුරු කරවන්න පුළුවන්.
මතක ඇතුව නිම්න වැසියෙක් උනාට පස්සෙ මුලින්ම මාව යාළු කරගන්න..... :-)

No comments:

Post a Comment