December 20, 2015

මෙන්න ලොකු ලොකු බඩවල් තියන අයට ඉක්මනින්ම කෙට්ටු වෙන්න හොඳ බෙහෙතක්


ඔයාල විශ්වාස කරනවද දින 4න් 10cm (සෙන්ටිමීටර 10කින්) බඩ අඩු කරගන්න පුලුවන් බව. මෙන්න ඒකට ශාක්ෂි. මෙ පුන්චි පානය ඔයාලට ගෙදරඩි ලේසියෙන්ම හදාගන්න පුලුවන් එකක්, එ වගේම තම්යි ඉතින් මෙකෙ තියන ගුනත්මක බව ගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑනේ යාලුවනේ.ආයුර්වේද බෙහෙත් වල තියන ගුනාත්මක භාවය ඉංග්‍රීසි බෙහෙත් වල ලගින්වත් තියන්න පුලුවන්ද නෙද. ඔන්න එහෙනම් වැඩික් කතා නැතුවම අපි මේක හදාගන්න හැටි ගැන බලමුකො එහෙනම්. කව්රු කව්රුත් ආසයිනෙ ඉතින් මෙහෙම දෙයක් ලේසියෙන්ම කරගන්න තියනවනම් නේද?,

අමතක උනානේ මේකට කියන නම තමයි Sassy water . මේක හොයාගෙන තියෙන්නෙනම් ඉතින් ලන්කාවෙ කෙනෙක් නෙමෙයි. Cynthia Sass කියන කෙනා තමයි මේක හොයාගෙන තියෙන්නෙ. ඒ උනාට මොකද  කව්රු හොයාගත්තත් වැඩේ එකයිනම්..


අවශ්‍ය ද්‍රව්‍ය...
  1. වතුර වීදුරු 8ක්.(ඔයාල දවසකට මීට වඩා පානය කරනවනම් 8කට වඩා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ)
  2. මින්චි කොල 10ක්.
  3. පෙති කපන ලද දෙහි ගෙඩියක්.(දැන් කාලෙනම් කට්ටිය කමති වෙයිද දන්නෙත් නෑ නේද,සෑහෙන්න ගනන්නේ දෙහි)
  4. සාමාන්‍ය ප්‍රමානයෙන් කාපාගන්නා ලද පිපිඤඤා ගෙඩියක්.
  5. පොඩි කරගත්තු(තලාගත් )ඉඟුරු තේ හැන්දක්.
දැන් බලමුකො කොහොමද හදාගන්නෙ කියල ,

මේ ඉහත සඳහන් කරපු දේවල් ටික සේරම භාජනයකට දාල කලවම් කරල 
පුරා රැයක් එලි වෙනකල්ම ශීතකරනයේ දාල තියන්න ඕන. පස්සෙ එලි උනාම මේක අරගෙන වතුර ටික පෙරාගන්න ඕන. 


දැන් ඉතින් වැඩේ තියෙන්නෙ ඔයාට තමයි, ඔයාට තිබහ හැදෙන හැම වෙලවකම වගේ මේ වතුර අරන් බොන්නයි තියෙන්නේ.....
 හැබැයි මතක තියාගන්න දෙයක් තියනවා ඒ තමයි මේකෙ බොන්න පටන් ගත්තට පස්සෙ ඔයාට වෙන දේවල් පානය කරන එකෙන් වැලකිල තමයි ඉන්න වෙන්නෙ ඉතින්..
මේක හදාගෙන දවස් 4ක් යනකන් බොන්න ඕන, හැම දවසකටම උදේ හදාගෙන දවසම පානය කරන්න ඕන.
මේ දවස් 4 අතුලතදි ඔයාල වග බලාගන්න ඕන තෙල්,මේදය වගේ දේවල් අධික කෑම ගන්න එකෙන් වැලකෙන්න ඕන.රසකැවිලි , කැලරි වැඩි ආහාර, වගේම විවිද පාන වර්ග ගන්න එකෙනුත් වැලකෙන්න ඕන.
හැම වෙලාවකම ඔයාලට තිබහක් එනකොට මේ පානය අරගන්නව මිසක් අනිත් දෙයක්නම් බොන්න යන්න එපා.
මේකෙ ප්‍රතිඵල වැඩි කරගන්නනම් තව කරන්න පුලුවන් දේවල් තියනව, ඒ තමයි ඔයාලට පුලුවන්නම් වතුර ගතිය වැඩි පලතුරු(දිය ගතිය වැඩි පලතුරු) කෑමට ගන්න ඒ වගේම නිවැරදි ව්‍යායාම වල යෙදෙන්නත් මතක තියාගන්න ඕන.

පෝෂනවේදිනී Cynthia Sass පවසන අන්දමටනම් මේ වැඩේ හරියට තිතටම 
දවස් 4ක් එක දිගට කරොත් ඔයාලට විශිශ්ට ප්‍රතිඵල සමඟ තමන්ගෙ ශරීරයේ වෙනසක් ඔයාලටම දකගන්න පුලුවන් වෙයි.
වැඩි විස්තර බලාගන්න මෙන්න මම ඒක ගැන විස්තර කෙරෙන වීඩියෝ එකත් දැම්මා.බලල තවත් තේරුම් ගන්නකෝ.......




1 comment:

  1. The Casino & Resort - Mapyro
    Casino & 남양주 출장안마 Resort. 여주 출장마사지 0 reviews. "The casino, located 전주 출장샵 on Route 54 여주 출장샵 in San Gabriel, is the city's leading tourist attraction. It 영주 출장샵 is home to a unique

    ReplyDelete