December 28, 2015

IDM(Internet Download Manager) වෙනුවට අලුත් වැඩකාරයෙක්.


IDM (Internet Download Manager) කියන්නේ අන්තර්ජාලයේ මෙච්චර කාලයක් එක එක දේවල්  ඩවුන්ලෝඩ් කරගන්න තිබිච්චි හොදම මෘදුකාංගයක්. ඒ වාසි සේරම වගේම තියන ලොකුම සහ එකම අවාසිය තමයි මේක මුදල් දී මිලදී ගත යුතු මෘදුකාංගයක් වීම. ඒ ගානත් ටිකක් සැරයි,$29.95 වෙනව. සමහරුනම් ඉතින් ඕව අක්ටිව් කරගන්න ක්‍රම ඕන තරම් දන්නව, එක්කො ක්‍රැක් කරල හරි මේක අක්ටිව් කරගන්නනම් ලන්කාවෙ අපේ කට්ටිය හරිම දක්ශයි. ඒතකොට ඒ දේ කරගන්න නොදන්න කෙනෙක්ට මොකද වෙන්නෙ නේද. අනික ඒ එක එක ක්‍රම වලට ඔය වැඩේ කරනවට වඩා හොඳ නැද්ද සදහටම හැමදාටම ඒ දේවල්ම කරගන්න පුලුවන් වෙනත් නොමිලයේම දෙන සොෆ්ට්වෙයාර් එකක් තියනවනම්. මේ කියන්න හදන්නෙ අන්න ඒ ගැන තමා. 
මේකෙ නම තමා Eagleget. IDM වගේම Eagleget සොෆ්ට්වෙයාර් එකෙත් ඒ දේවල්ම කරගන්න පුලුවන්කම තියනවා, එකම වෙනස තම නොමිලයේම අරගන්න පුලුවන් වීම. අනිත් දේ තමයි මේකෙ කිසිම ප්‍රශ්නයක් නැතුවම Google Chrome, Internet Explorer, Firefox, Opera mini වගේ ප්‍රසිද්ද web browsing සොෆ්ට්වෙයාර් එක්ක හරි හරියට වැඩ කරන එක. 

ඉතින් මෙච්චරත් කියල දැන් ඉවසිල්ලක් නැතුව අතිනෙ ඔයාලට ඒක බලාගන්න, මෙන්න ගිහින් ඩොව්න්ලොඅඩ් කරලම වැඩේ බලාගන්නලකෝ. 

ඔයාලට යමක් කියන්න තියනවනම් වගේම මේ ගැන ඔයාලගෙ අදහස් මේ බ්ලොග් එකට ගොඩක් වටිනව.
ඒක හන්ද ඔයාලට කියන්න තියන දෙයක් උනත් කමක් නෑ, මේ ගැන යම් ප්‍රශ්නයක් තියනවනම් ඒක හරි අමක් නෑ පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාලම යන්නල ඈ...

No comments:

Post a Comment